කරාතේ , සටන් කලාව සහ පෙරදිග සහ බටහිර ලෝකය ඇසින්

 

බොහෝ වෙලාවට මගේ සිසුන්ගෙන් සහ ඔවුනගේ දෙමාපියන්ගෙන් මට අසන්නට ලැබෙන දෙයක් නම් “සෙන්සෙයි ගෙන් නම් කාදවත් පුහුණුවීම කරල හොදක් නම් අහන්න බැ ” . මෙය අද මට ඇසුනද , මම මගේ සෙන්සෙයි ගෙන් පුහුණුවන කාලයේ මමත් මෙලෙසම කියූ අවස්තා බහුලයි .

ඔබ පෙරදිග ලෝකයේ ගුරුවරයකුගෙන් සටන් කලාව ඉගෙන ගන්නේන්නම් ඔබට ඔහුගෙන් විවේචන අසන්නට නොලැබුනොත් , එයින් හේග වෙන්නේ ඔබ දියුණු වීමට උනන්දුව ඇති දියුණු වියහැකි සිසුවෙක් නොවන බවයි .

මෙය පෙර දිග ආසියානු ගුරුවරුන්ගේ ලක්ෂණයයි .

අද මගේ මාතෘකාව වනුයේ බටහිර සහ පෙර දිග සටන් කලා ගුරුවරුන්ගේ වෙනස් කම් 3 ක් ගැනයි .

 

 

 

1. අප කරන ක්‍රියාවලින් වලට නැබුරුව පුහුණුවීම කිරීම සහ අරමුණු මුලික කොටගෙන පුහුවීම සිදු කිරීම (Process Oriented vs. Goal Oriented)

බටහිර ජාතිකයින් බොහෝවිට (Hyper focus ) මනසින් මවාගත් ( යම් යම් දෙයින් බලා තම මනසින් සිතිවිලි වලින් හදාගත් ) දෙය සමහ අරමුණු ගොඩ නාග ගනී . එය වැරැදී දෙයක් නොවන්නේය . අප සියලු දෙයම එයට කැමෙත්තක් දක්වයි .

නමුත් පෙරදිග ජාතීන් එසේ නොවන්නේය . ඔවුනට කරන බොහෝ දෙය ජීවන ( life journey ) ගමනක් වැන්න . ඔවුන් බොහෝවිට යම් දෙයක් ලබා ගැනීමට වඩා ලගා කර ගැනිම සිදු කරයි . අප අදහන බුදුදහම තුලද නිර්වාණය ලබා ගැනීමට වඩා එය ලගා කර ගැනිම සදහා උත්සුක වන්නේය. මන් ද ලගා කර ගැනිම තුල අපට විශාල අවබෝදයක් , අධ්‍යාපනයක් ලබා ගත හැක . ලබා ගැනීමට ගියහොත් අප බොහෝ දෙය මග හැර සුළු දෙයක් පමණක් මුලික කොට ගෙන තරගකාරී ලෙස ගමන් කරයි .

කළු ධාරියෙක් වීම : පෙරදීග මානසිකත්වය යනු කළු පටි ධාරියෙක් වීමේ මාර්ගයේ ගමන් කිරීමයි . ඒය පමණක් ලබා ගැනිම අරමුණු කර යාම නොව .

තරගා වලියක ජයග්‍රහණය කීරීම යනු ශූරයා වීම නොව .

මේ නිසා තමයි පෙරදිග සටන් කලා බොහොමයක “දෝ ” යන පසු යෙදුම (suffix ) භාවිතා වන්නේ . උදාහරණ ලෙස

කරතේ – දෝ , අයි කි – දෝ , ජු -දෝ ,කෙන් -දෝ .මෙහි අර්ථය වන්නේ “මාර්ගය ” යන්නයි .

මෙය ලෝකෝත්තර මාර්ගයක් නොව , මෙය අදධ්‍යාත්මික මාර්ගයකි .

“නොනවත්වා ගැන , අප තුල ඇති දෙය සෙවීමේ , නිරන්තර අභ්‍යසය “

මෙය යම් දෙයක් හරිආකාරව ,ක්‍රමානුකුලව කිරීමෙන් දියුණු අවස්ථාවකට ලගා කර ගැනිමයි .

(Progression over perfection )

 

2. යමක් අසා ඉගෙන ගැනිම සහ යමක් කර අත්හදා බලා ඉගෙන ගෙනීම . (Learning by Asking vs. Learning by Doing)

බටහිට ලෝකය තුල බොහෝවිට ප්‍රශ්න අසා ඉගෙන ගනීමට බොහෝ කැමැත්තක් දක්වයි .

පෙරදිග මෙය හාත්පසින්ම වෙනස්ය.

සාමාන්‍යයෙන් බටහිර සිසුන් සැම විටම කිසියම් දෙයක් කිරීමට කලින් “කුමක්ද , ඇයි , කොහොමද ” යන්න ප්‍රශ්න කරයි . එසේ නොමැති නම් එය කිරීමට මැලිකමක් දක්වයි . මන්ද ඔවුන් එය කිරීමේ නෙවෙරදී අරමුණ නොදන්නා නිසයි .

නමුත් පෙරදිග සිසුන් උතර සෙවීම පුහුණු වීම තුලින් සොයා ගැනීමට උස්ත්සහ දරයි .

සෙන්සෙයි කියන පුද්ගලයා ගේ කාර්ය වනුයේ ප්‍රශ්න වලට උත්තර දීම නොව , එය සිසුවාට පුහුණු වීම තුලින් අවබෝද කරගැනීමට උදවු කිරීමයි .

(පුහුණුකරු සහ සෙන්සෙයි යන චරිත දෙක පටලව නොගන්න )

පෙරදිග සිසුන් සැමවිටම යම් දෙයක් උනන්දුවෙන් කිරිම තුලින් අවබෝදය ලබා ගනී (kinesthetic )

මෙම කාරණය නිසා පෙරදිග සෙන්සෙයි ල බොහෝවිට එක ම දෙය කීපවාරයක් බොහෝ වෙලාවක් කරයි . අවබෝදය ලැබෙන තුරු .

මෙම කරුණ නිසා ඔවුනගේ තාක්ෂණික දැනුම ඉතා ඉහල මට්ටමක් පවතී .

 

3. සටන් කලාව ආර්ථික , දේශපාලන සහ ලාබ ලබා අරමුණු කර පවත් වා ගෙන යාම සහා සංස්කෘතික අන්ගයක් ලෙස කරගෙන යාම (Capitalism vs. Culture)

අවසානයේ , මුදල්

පෙරදිග ඩොජෝ මුදල් අරබයා පවත්වා ගෙන නොයයි . මන්ද එය ඔවුනගේ සංස්කෘතිය හා සම්බන්දව පවතී . එය ඔවුනගේ ජීවන දර්ශනයයි .

ත් බටහිර බොහොමයක් සටන් කලාව භාණ්ඩ හා සේවාවක් ලෙස පවත්වාගෙන යයි .

ඔවුන් සිසුන් දකින්නේ පාරිබෝගිකයින් ලෙසය , ඩොජෝ එක ඔවුන්ගේ වියාපාර මද්‍යස්ථානය වන්නේය . ඔවුන් ඔවුන්ට “විධයක නිලධාරීන්” ලෙස හදුන්වයි ඔවුන්ගේ ඩොජෝ එකේ . ඔවුන් බද පටි පිරිනම්මන්නේ නැත . ඔවුන් එය විකුණයි . මෙලෙස බොහො දෙය ඇත .

මෙම ඩොජෝ බටහිර “Mac Dojo ” ලෙස හදුන්වයි .

නමුත් බොහොමයක් පෙරදිග සටන් කලා ගුරුවරු ඉගැන්වීමට අමතරව රැකියාවක් කරයි . මන්ද සටන් කලාව ඔවුනට ජීවනොපයක් නොවන නිසා . ඔවුන්ගේ නඩත්තුවට , පුල් නඩත්තුවට ඔවුන්ට කිසියම් හෝ රක්ෂාවක් කිරීමට සිදුවන්නේය .

ඔවුනට එය රැකියාවක් නොව , එය ඔවුනගේ ජීවිතයයි . ( Way of life )

බටහිර සහා පෙරදිග දෙකෙහිම ගතයුතු දෙය තිබේ . එම නිසා මෙම දෙකේම හොද මිශ්‍රණයක් සහිතව කිරීමට හැකිනම් වඩාත් ප්‍රයෝජනවත් වේ .

 

කෙලෙසද අප මෙම දෙක එකතු කර අපගේ සටන් කලා ජීවිතය සාර්ථක කර ගන්නේ .?

1. පුහුණුවීම සමගම අරමුණු ගොඩ නගා ගන්න .

උදහරණයක් ලෙස ” මට ශූරතාවලියක් ජයග්‍රහණය කිරීමට උවමනා යන අරමුණු වෙනුවට ” , “මම මාගේ කරාතේ හෝ වෙනත් සටන් කළා දැනුම ශූරතාවලියේ උපරිම ලෙස අත්හද බැලීමට උවමනාය ” යන්න ලෙස අරමුණ සකසා ගන්න .

 

2 . ගැබුරු ලෙස පුහුණුවීම කරන්න . ඔබ ඔබගෙන්ම ප්‍රශ්න අසා , ඔබ කරන ශිල්පීය ක්‍රමය ගැන ගැබුරට )ගන්න .

 

3. සැම විටම ලැබ ඉපැයිමට වඩා අවශ්‍යතාවය ඉටු කරන්න . එවිට ඔබට ඉතා පිරිසිදු මුදලක් උපාය ගත හැක . ඔබගේ සෙන්සෙයි ටද , කැමට අහරක් . නිවාසයක් , පවුල නඩත්තු කිරීමට මුදලක් අවශ්‍යය . නමුත් මෙය ඔබගේ අකණ්ඩතාවය (Integrity) ආරක්ෂා කරගෙන සිදු කරන්න .

සැම විටම “දෝ” යන්නෙහි අර්ථය වටහා ගන්න එය ක්‍රියාත්මක කරන්න

 

අවසානයේ ඔබට කීමට ඇත්තේ “හොද නරක සටන් කාලා කියා දෙයක් නැත . ඔබට කුමක් ද ගැල පෙන්නේ , ඔබ කෙලෙසකද එය කරන්නේ යන්න මත ඔබට ලැබෙන ප්‍රතිපලය තීරණය කරනු ඇත.

 

 

සුබ දවසක් !

 

 

තුෂාර රත්නායක .

Total Extreme Budo Academy