නුතන ශෝටෝකාන් ශයිලියේ පදනමේ නිර්මාතෘ

මාස්ටර් ගිගෝ ෆුනකොෂි (යෝෂිතකා ෆුනකොෂි), ගීචින් ෆුනකොෂි ගුරුතුමාගේ තුන්වන පුත්‍රයා වූ අතර නූතන ෂෝටෝකන් කරාටේ ශයිලියේ අත්තිවාරම සංවර්ධනය කිරීමේ ගෞරවය ඔහුට හිමි විය. ඔහු විසින් නුතන ශෝටෝකාන් ශයිලියට හදුන්වා දෙන ලද දේ

  1. දුර පරාසය වැඩි පහරදීමේ ක්‍රම , ඉතා පහල ,දිගු සිටගැනීමේ ක්‍රම වල සිට
  2. ශරීරයේ ඉහල ප්‍රදේශයට එල්ල කරන පා පහරවල් ( mawashi geri, yoko geri kekomi, yoko geri keage, fumikiri, ura mawashi geri, ushiro ura mawashi geri සහ ushiro geri kekomi )
  3. ගැබුරු සිට ගැනීමේ ක්‍රම ( fudo dachi, yoko geri, and mae geri)
  4. shiko dachi වෙනුවට kiba dachi සහ nekoashi dachi වෙනුවට kokutsu dachi
  5. බොහෝ ඉහළ දණහිස එසවීමකින් සිදු කරන පා පහර දීමේ ක්‍රම.
  6. පහර වැලැක්වීමේ ක්‍රම වලදී ( Uke waza ) , ඉන ප්‍රදේශය පැත්තකට හැරවිම ( Hanmi ) , සහ ශිල්පීය ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී පසුපස කකුල සහ උකුල තල්ලු කිරීම.
  7. ගැබුරු සිටගැනීමේ ක්‍රම වල සිට kumite කරන අවස්ථාවල වේගයෙන් සහ වැරෙන් පහරදීම , සහ පදය භාවිතයෙන් ප්‍රතිවාදිය බිම හෙලීම (Ashi Barai ) වැනි ශිල්පිය ක්‍රම හදුන්වා දීම .

මොහුගේ මෙම වෙනස් කිරීම වලට කෙන්දෝ සහ ඉඅයි දෝ යන සටන් ක්‍රම වල අභාෂය ලබා ගන්න ලදී .

නුතන ශෝටෝකාන් ශයිලියට ඉතා මහගු මෙහෙවරක් කල ගිගෝ ෆුනකොෂි ගුරුතුමාගේ ආයුකාලය වුයේ අවුරුදු 39 ක් වැනි ඉතා කුඩා කාලයකි . නමුත් එම කුඩා කාලය තුල ඔහු කල මෙහෙවර ඉතා අගන්නේය . ඔහු වයස අවුරුදු 7 දී පමන ක්ෂය රෝගය වැලදී ඇති බව අදුනා ගන්න ලදී . පසුව ඔහු නිරන්තර කරාතේ පුහුණුව තුලින් එම රෝගී තත්වය සුව අතට පත් කරගනු ලැබුවේය .
නමුත් 1945 වර්ෂයේ දෙවන ලෝක යුධ සමයේ ඔහුගේ රෝග තත්වය උත්සන්න වීමෙන් ඔහු ඉතා අඩු වයසින් 1945 නොවැම්බර මස 24 දින මෙලොවින් සමුගත්තේය , ඔහුගේ නම යෝශිටකා ෆුනකොෂි වුවද ඔහු ගිගෝ සහ වකා යන නම්වලින් හදුන්වන ලදී .