“ක්‍රව් මාගා ” – “Contact – Combat “

මා ක්‍රව් මාගා සම්බන්දව ලියන පළමු ලිපිය මෙයයි . වර්තමානයේ ලෝකය තුල ඉතා ප්‍රචලිත සහ ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත වන ආතමරක්ෂක ක්‍රම වේදයක් වන ක්‍රව් මාගා ආරම්බය සිදුවුයේ ඉස්රායල් විශේෂ කාර්ය බලකාය තුලය . එදිනෙදා ජන සමාජය ඉතා අවශ්‍යවන බොහෝ දෙය ආරක්ෂක අංශ තුලින් බිහිවේ ඇත . අප සියලු දෙනට වර්තමානයේ නැතුවම බැරිදෙයක් වන අන්තර්ජාලයද ඇමෙරිකානු යුද හමුදාව මගින් හදනවා දුන්නකි . එලෙසම මෙම ඉතා ප්‍රයෝගික ආත්මාරක්ෂක ක්‍රමය ඉස්රායල් විශේෂ කාර්ය බලකාය මගින් හදුනා දෙන ලදී . මේය 1930 ගණන්වල පමණ ආරම්භ කරන ලද්දකි . ” Imi Lichtenfeld” යන අය විසින් .
ඔහු හන්ගේරියනු ජාතිකයෙක් වන අතර ඔහු ඉස්රායල් විශේෂ කාර්ය බලකායේ ශාරීරික යෝග්‍යතා උප්දෙස්හක් වරයෙක් ලෙස කරයුතු කර ඇත .මේ වන විටද ලොවතුල ඉතා සාර්ථක සටන් ක්‍රම බොහොමයක් භාවිතයේ තිබිණ , නමුත් මෙම සියලු සටන් ක්‍රම තුල යම් යම් අදුපාඩු දක්නට ලේබේ . එම අඩුපාඩු සටහන් කළහොත් ඒවා පහත අයුටින්වේ .
1. මෙම සියලු දෙය සටන් කලා ගණයට වැටෙන හෙයින් එම ශිපිය ක්‍රම පුහුණු වී ප්‍රයෝගිකව උපයෝගී කර ගැනීමට සැලකිය යුතු කාලයක් ගතවේ .
2. මුල් කාල්යේදී මෙම සටන් කලා ,සටන් කලාවක් ලෙස පැවතුනද , පසු කාලීනව ඒවා ක්‍රීඩා බවට පත් උයේය . මෙහිදී නීති පද්දතියක් , නිල ඇදුමක් වැනි දේ අඩංගු විය . අද ලොව තුල බොහෝ දෙනා කතා කරන “MMA” මික්ස් මාෂල් ආර්ට් , තුලද සටනක් පවතවන විට බර පන්ති වලට වේන කර නීති රාමුවක් තුල කරනු ලබයි .
3. බොහෝ විට සටන් කාලා පුහුනුවන්නේ පෙර සුදානම් කරගත් පුහුණුවීම ස්ථානයක් තුලය . මෙහිදී කලක් පුහුනුවන විට සිසුවා මෙම ස්ථානයට පමනක් හුරු බවක් දක්වයි . උනපෙක්ෂිත ලෙස වෙනත් ස්ථානයක් සටනක් සිදුවුවහොත් සමහර විට ඔහු නුහුරු බවක් දක්වයි .
4. බොහෝ විට කාන්තාවන් සහ කාන්තාවන් සමගද පිරිමින් , පිරිමිසමග තරග කරයි .

මෙම කරුණු ඇතුලත්ව තව බොහෝ දෙය මේ තුලට බලපායි .
මෙසේ බලන කල අප එදිනෙද ජීවිතය්දී සිදුවන අවස්ථාවලට මුහුණ දීමට මෙම සටන් කළා පුහුණුව සමහර අවස්ථාවල ප්‍රයෝගික නොවේ . තවද වර්තමානයේ කාර්ය බහුල මිනිසුන්ට සටන් කාල්වක දිගු කාලින කිරීමට අවස්ථාව ලේබෙන්නේ නැත . අපහට සිදුවන අවස්ථා කාන්තාවක් ගෙන් හෝ පිරිමියෙක් ගෙන් සිදුවිය හැක .
මෙමෙ කරුණු සලකා බලා මොවුන් මෙම ආතමරක්ෂක සටන් ක්‍රමය ලොව ට හදුන්ව දෙන ලදී .
සටන් කාලා සියල්ල අමුද්‍රව්‍ය ලෙස අපට සැලකිය , මෙම අමු ද්‍රව්‍ය එකතු කර මොවුන් ආතමරක්ෂාව සදහා හොද නිෂ්පාදනයක් කලේය . එය “ක්‍රව මාගා” ලෙස හදුන්වයි .
මෙහිදී අප highlight කරන කාරණයක් නම් මෙය

1.ලෙහෙසියි (Easy)
2.ක්ෂනිකයි ( Fast)
3.ප්‍රායෝගිකයි ( Effective)

හ්ම්ම් , මෙය ඕන කෙනෙකුට කියා හැක , දැන් අපි බලමු ක්‍රවු මාගා තුලින් මෙම කාරණා සිදු කරගන්නේ කොහොමද කියල
පළමු කාරණය වන්නේ ” ලෙහෙසියි ” ; සාමාන්යෙන් අප තුල ස්වාබවිකව පවතින චලන ක්‍රම සහ යම් හදිසි අවස්තාවක අප ශරීරය ප්‍රතික්‍රියා දක්වන ආකාර ඇත .ක්‍රවූ මාගා නිර්මාණයේදී මෙම සියලුම ස්වභාවික චලන ප්‍රතික්‍රිය හොදින් උපයෝගී කරගෙන ඇත ( Natural Instict ).
ක්‍රව් මාගා fighting stance එක පවා නිර්මාණය කර ඇත්තේ මිනිසාගේ ස්වභාවික ප්‍රතික්‍රිය උපයෝගී කරගෙනය . මෙහිදී අනෙකුත් සටන් කලා සේ ,ක්‍රව් මාගා කරන යට සටනට අමුතුවෙන් සූදානමක් වීමට නොමැත .
තවද අප මිනිස් සිරුරේ දුර්වල ස්තාන බොහෝසේ ඇත . අප නිල වශයෙන් හදුන් වන ස්ත්නාද , ශේරිරයේ දුර්වල ස්ථානද වෙන වේනම් ඇත. ( චායා රුපයක් අමුනා ඇත )
ක්‍රව් මාගා වලදී මෙම සියලුම ස්තාන අප අපගේ සතුරාව අඩ පන කිරීමට උපයෝගී කර ගනී . සටන් කලාව ප්‍රගුණ කල අයෙකුගේද මෙම ස්තාන දුර්වලය .
ක්‍රව් මාගා වල අනුගමනය කරන පටිපාටිය නම්
1. පහර එල්ලවන මාර්ගය වෙනත් මාර්ගයකට යොමුකිරිම
2. එම අවස්ථාවේම ශරීරයේ ඇති දුර්වල ස්ථාන කීපයකට පහරදීම ( Counter Attack)
3. ප්‍රතිවාදියා අඩපන කිරීම ,
4. ග්‍රහණයෙන් මිදීම හෝ අවියක් සමග සිටිනම් එය නිරයුද කිරීම
5. එම ස්ත්නයෙන් ඉතා ඉක්මනින් පලා යාම .

තවද ක්‍රව් මාගා Counter Attack කිරීමේදී ඉතා ඉක්මනින් පහ කීපයක් එල්ල කිරීම විශේෂයකි උදාහරණයක් ලෙස
*අත් පහර එල්ල කිරීම
* එම අත්පහර වෙලමිටි පහරක් ලෙස හරව එල්ල කිරීම
* එම අතපහරම මිටි පහරක් ලෙස හරවා ගෙලේ වම හෝ දකුණු පසට එල්ල කිරීම ( මෙම සියලු පහර දීම් ශරීරයේ ඇත් දුර්වල ස්ථානවලට එල්ල කර හැක . )
තවද ක්‍රව් මාගා එදිනෙද යාවත් කාලින්වේ . මන්ද යත් එය සකසා ඇත්තේ අපහට එදිනෙද ජීවිතයේදී හමුවන මුහුණ පාන අවස්ථා මුලික කරගෙනය . අප කුඩා කල English බාෂාව ප්‍රගුණ කරන්නේ අපට එදිනෙද ජීවිතයේ මුණ ගැසෙන අවස්ථා මුලික කරගෙනය .
උදාහරණ ලෙස : අප post office එකකදී එම ස්ථානයඒ කෙනෙකු සමග කතා කරන විදිය . බැන්කුවකදී කතා කරන විදිය .. ( Dialog Base Conversation ) , ක්‍රව් මාගා ද මෙලෙස අප හට එදිනෙද ජීවිතයේදී මුහුණ පාන අවස්ථා අල්ල සැකසුණු ක්‍රම වේදයකි .
මෙහිදී අත් පහර සදහා බොක්සින් ක්‍රීඩා වද , පාපහර සදහා මුඑ තායි ක්‍රීඩාවද , අයි කිදෝ ක්‍රීඩාවද , ජුජිට්සු ක්‍රීඩාවද , ආයුද සටන සදහා කාලි , එස්රිකිම , සහ ගිනි අවි සදහා උද හමුදා පුහුණු ක්‍රම ද බාවිතා කර ඇත .
තවද ක්‍රව් මාගා වල වෙන් වෙන වශයෙන් සැකසුණු විෂය මාලා අඇත .
* සාමාන්‍ය සිවිල් ජනතාවට
* කුඩා දරුවනට
* කාන්තාවනට
* නිතිය සහ සාමය සම්බන්ධව කටයුතු කරන අයට
* යුද හමුදා සේවයේ සිටින අයට
* VIP ආරක්ෂකයින්ට
මන්ද ඔවුන්ගේ රාජරකිය , ඔවුනගේ සාමාන්‍ය ජීවිතය අනුව මෙම ක්‍රම වේදයෙන් ගන්න තිබෙන දෙය වෙනස් වන හෙයිය
උදාහරණයක් ලෙස නිතිය සහ සාමය සම්බන්ධව කටයුතු කරන අයට ( Police Officers) සාමාන්‍ය ජනතාවට පහරදීම් සිදු කල නොහැක , ඔවුන්ගේ රාජකාරිය වන්නේ වෙරදී කරන වුන් පාලනය කර අධිකරණය ට ඉදිරිපත් කිරීමය . මේ සදහා ක්‍රව් මාගා වල වෙනම ක්‍රම වේද ඇතුලත් වේ
අනෙක් කාරණය නම් ක්‍රව් මාගා කරන අයෙක් අනෙක් කිසිම කලාවකට පහත් කොට හෝ උසස් කර කතා කල නොහැක . මන්ද ක්‍රව් මැග සැකසි ඇත්තේ අනෙකු සටන් කාලවල මිශ්‍රණයකි .
මෙගි විශේෂයනම අනෙකුත්ක් සටන් කලාවන් ශිපිය ක්‍රම පුහුණු වන අතර ක්‍රව් මාගා වල එය ප්‍රයෝගිකව උපයෝගී කරගන්න හැටි සහා ප්‍රය්ගිකව උප්යෝගී කිරීමට පුහුණු කරයි .
අනෙක් විශේෂ කාරණය නම් ක්‍රව් මාගා වල අප “Situational Awareness “ යන සයිධනිතිකය ගැන කාතා කරයි .
අප උපයෝගී කරගන්න ශිල්පීය ක්‍රමය අප සිටින ස්ථානය , අපට පහර දෙන පුද්ගලයාගේ ශරීර ප්‍රමානය මතද , අප අවට සිටින අය මතද රදා පවතී , මෙම කාරණය සැලක් විට “Situational Awareness” සම්බන්දව අවබෝදය ඉතා වේදගත්ය , අප අවස්ථාව අනුව හැසිරීම .
සමහර විට , කාන්තාවකට අතවර කිරීමට සිදුවන අවස්තාවක ඇගේ අතේ හෝ සමීපයේ උණු තේ කෝප්පයක් ඇත්නම් එය ප්‍රතිවාදියාගේ මුහුණට දම ගැසිමෙන් ඇයට එතනින් පලා යාමට අවස්තාව් ලෑබේ . මෙවන් දෙයක් භාවිතා කිරීම තුලින් අපට කිසිම ශාරීරික ගැටීමක් නොමෙතිව අවස්තාව් මග හැර හැක .
මෙය ක්‍රව් මාගා සමබන්දව කල සරල සහ පොදු පැහෙදිලි කිරීමකි . යම් කාරණයක් සමබන්දව ගැබුරින් විසතර අවශ්‍යනම් මා සමබන්ද කල හැක .
I am a certified and trained KAPAP Krav Maga Instructor under Israel KAPAP Krav Maga Federation , under the inspection Major Avi Nardia ( IDF ) . And Krav Maga Certified Instructor under Master Daltan Yang ( Trainer – South Korean Special Forces and Humphry Base USA Military Base – South Korea )

Instructor
Thushara Ratnayake