සටන්කලා සිසුවෙකු සතුව තිබිය යුතු සහ වර්ධනය කර ගත යුතු විනය.

මෙහිදී මා මුලිකව කතා කරන්නේ සටන් කලාශිල්පය හදාරන සිසුන්ටයි . සටන් කලාවට ආවේනික වූ විනය පද්ධතියක් ඇත . අප එය එහි අචාරධර්ම පද්ධතිය යනුවෙන් හදුන්වයි ( රෙයි ගී ) . නමුත් මා මෙහි කතා කරන්නේ රෙයි ගී වලින් ඔබ්බට ගිය අප සියලු දෙනා දන්නා සරල කරුණු කීපයක් මෙම මාතෘකාව යටතේ පැහැදිලි කිරීමයි .

මා, පළමු උදාහරණය අප සියලු දෙනා මෙම දිනවල පවතින covid 19 වසංගත තත්වය ආශ්‍රිතව පැහැදිලි කරන්නම් .
බොහොමයක් සටන්කලා සිසුන් , පසුගිය දිනවල නිවෙස් තුල වාසය කිරීම නිසා , ආහාර පාන අධිකව අනුභව කිරීම , පුහුණුවීම ඉතා අඩු තත්වයක පවතා ගෙන යාම නිසාවෙන් , තම ශරීර බර අනවශ්‍ය ලෙස වැඩිවීමකට භාජනය වී ඇත .
මෙම කාරණය සදහා මා ඉහතකී , ක්‍රීඩාව තුල “විනය” යන කරුණ අදාල වේ .

සටන්කලා ක්‍රීඩකයෙක් , පුහුණුවන්නෙක් , කිසිම අවස්ථාවක ඉතා ගිජු ලෙස ආහාර අනුභව නොකළ යුතුය . ඔහු හෝ ඇය තුල තම ආහාර ගැනීම සදහා කිසියම් ස්වයං විනයක් පවත්වා ගත යුතුය .

ආහාර පමණක් නොව , නින්ද , පාන වර්ග ගැනිම යන කරුණු සදහාත් ස්වයං විනයක් පවත්වා ගත යුතුය.
පාන පිලිබදව කතා කරන විට ඔබ වැඩිහිටියකු නම් , මද්‍යසාර පානය කරන්නෙකු නම් ( පානය නොකර සිටීම ඉතා හොඳ කරුණකි ) එම පානය කරන අවස්ථාවලද ඔබ ඔබගේ සිමාව තුල (Responsible drinking of alcohol) එය සිදු කිරීම ඉතාම වටින්නේය . ඔබ අන් අය ඉදිරියේ හාස්‍යට භාජනය ලෙස , ඔබගේ සමාජ තත්වය පහත තත්වයකට වැටෙන ලෙස එසේ නොකර සිටීමටද ස්වයං විනයක් පවත්වා ගත යුතුය.

මින් ඔබ්බට ගිය කල තමා ශරීර සෞඛ්‍යය ඉතා හොද අයුරින් පවතා ගෙන යාම සඳහා තමා තුල ස්වයං විනයක් පවත්වා ගත යුතුය. ඔබගේ අනවශ්‍ය ක්‍රියාවලික් නිසාවෙන් ආබාධයකට ලක් වුවහොත් සහ එමගින් ඔබට එක තැන්වී සිටීමට සිදුවුවහොත් , ඔබ වසර ගණනාවක් ඉතා දැඩි පරිශ්‍රමයෙන් පුහුණුව තුලින් ලබාගත් සියලු දෙය , ඔබ තුලින් ගිලිහි යා හැක .
එම නිසා ඔබගේ පුද්ගල ආරක්ෂාව , අනතුරුවලින් ආරක්ෂාවීම සදහා ස්වයං විනයක් පවත්වා ගත යුතුය.

තවද ඔබ සිසුවෙක් නම් , වැඩිවියට පත් පුද්ගලයෙක් නම් , ඔබ සමාජය තුල අනවශ්‍ය කරදර වලට පැටලී නොසිටීමට, වගකීමෙන් කටයුතු කිරීම අවශ්‍යය . ඔබ විසින් කිසියම් සමාජ විරෝධී කටයුත්තක් සිදුවුවහොත් , අනෙකුත් සාමාන්‍ය පුද්ගලයකුට වඩා සමාජය විසින් ඔබව සහ ඔබ සිදුකල ක්‍රියාව ඔබ හදාරණ සටන් ශිල්පිය සමග උලුප්පා ඉදිරිපත් කිරීම සිදු කරයි . එහිදී ඔබ විසින් ඔබගේ ගුරුවරුන්, ඔබ හදාරන සටන් ක්‍රමය එහි සිටින සියලු දෙනාට කැළලක් ගෙන එම සිදු කරයි .
සැමවිටම සටන් කලාව පුද්ගල සහ සමාජ සංවර්ධනයට රුකුලක් වන සේ භාවිතා කල යුතුය . ශූරතාවලි සහ අවශ්‍ය අවස්ථාවක ඔබට එම කලාව නිසි අයුරින් උපයෝගී කර ගත හැක . නමුත් එය ඔබගේ වරදකින් ආරම්භවීම සිදුනොවිය යුතුය . අප බොහෝදෙනා දන්නා කියනමනක් වන “There is no first attack (strike) in karate” (karate ni sente nashi). පැරණි ගුරුවරු විසින් මෙලෙස සදහන් කර ඇත්තේ මෙම කරුණයි .
තවද ඔබ සටන් කලා ශිපීයෙක් නම් , විශේෂයෙන් කළුපටි ධාරියකු නම් , ඔබ ඔබගේ අද්යාපන කටයුතු නිසි ආකාරව සිදු කර ( පොත පත ආශ්‍රිත හෝ වෘත්තීය මට්ටමේ ) , හොද රැකියාවක් කිරීමට ඔබගේ ස්වයං විනය පවත්වා ගත යුතුය . හේතුව වන්නේ ඔබ සමාජය තුල මුලින්ම හඳුනා ගන්නේ ඔබ කරන කියන දේවලින්ය . ඉතා හොද වෘත්තීකයන් සටන කලාව තුල සිටින්නේ නම් ඔබ එම කලාවට , ඔබගේ ගුරුවරුනට , ඔබ ඉගෙනගත් සටනකලාවට කීර්තියක් ලබා දේ . එතුලින් සමාජය තුල ඔබට සටන්කලාව පිළිබද යහපත් , සුබවාදී ආකල්පයක් , ඇති කල හැක ,
මෙය ඉටු කිරීම සදහා ඔබගේ අධ්‍යාපනය කටයුතු නිසි අයුරින් පවත්වා ගෙන යාමට ස්වයං විනයක් පවත්වා ගත යුතුය.
තවද ඔබ ඔබගේ ආර්ථික ස්ථාවරය හොඳ අයුරකින් පවතවාගෙන යාම සදහාද ස්වයං විනයක් පවත්වා ගත යුතුය. එසේ නොමැතිවුවහොත් , ඔබ ආර්ථික වශයෙන් අසාර්ථක කෙනෙකු වුවහොත් , සමාජය එම අසාර්ථකත්වයේ වගකීම ඔබ හදාරන ශිලිපයටද සම්බන්ධ කර කතා කරනු ඇත . ඔබ සාර්ථක නම් ඔබ ඉතා ආඩම්බරයෙන් , තව කෙනකුට ආදර්ශයක් වන ලෙස ඔබට සටන් කලාව තුලින් ඔබගේ ආර්ථික තත්වයට ලැබුනු අනුබලය ගැන කතා කල හැක . මෙහිදී ඔබහට මා විසින් අවධරණයෙන් කිවයුතු කරුණක් නම් , ඔබ ඔබගේ ආර්ථිකය සදහා සටන් කලාව මත සහ එයින් යැපිම සිදු නොකළ යුතුය . සටනක්ලාව 100% ව්‍යාපාරයක් කරනොගත යුතුය . ඔබ ඔබගේ අධ්‍යාපනයෙන්, වෘත්තිය දැනුමින් ඔබගේ ආර්ථිකය සකසා එය ස්ථාවරයක් කරා ඔබගේ මහන්සියෙන් රැගෙන ආ යුතුය . එම ගමන සදහා ඔබට සටන් කලාව සහ එයින් ලැබුණු හික්මීම , උත්සාහය , ආත්මා විශ්වාසය යන කරුණු උපයෝගී කර ගත හැක . එසේ නොවන්නේ නම් පවතින වසන්ගත තත්ත්ව තුලදී ඔබ ඔබගේ ආර්ථික තත්වය කඩා වැටිම සිදුවුවහොත්, ඔබ සටන කලා ශිල්පියකු ලෙස අසාර්ථක පුද්ගලකු වන්නේය . එයින් සමාජය තුල මෙම කලාව සහ එය හැදැරීම පිළිබද ඎණාත්මක අදහස් ඇතිවීම සිදු වේ . එම නිසා ඔබ ඔබගේ ආර්ථික ස්ථාවරය සදහාද ස්වයං විනයක් පවත්වා ගත යුතුය. ජපානය තුලද ගුරුවරුන් උදය කාලය තුල සටන් කලාව උගන්වා සවස් කාලය තුලදී කුලී රථ ධාවනය කර වැනි හෝ ඊට ඉහල වෘත්තීයන්වල යෙදෙමින් ඔවුන්ගේ ආර්ථික ස්ථාවරය සකසා ගනී . ඔබ සටන් කලාව තුලින් ඔබගේ ආර්ථිකය නඩත්තු කිරීමට ගියහොත් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ,ඔබ විසින් සටන් කලාවට සහ එහි ගෞරවාන්විත බවට හානියක් සිදු කිරීමට ඉඩ ඇත .
මෙලෙස මා ඉහත කි අප කවුරුත් දන්නා සටන් කලාව තුල ආචාර ධර්ම පද්ධතිය ( Rei – Gi – Etiquettes ) ,එනම් ඩෝ ජෝව තුල , ගුරුවරුන් ඉදිරියේදී , පුහුණුව තුල , නිළ ඇදුම් තුල , උපකරණ භාවිතයේදී යන අවස්ථා වලට අමතරව . මා මෙහි සදහන් කල ස්වයන් විනයක කරුණු , සාරාංශ ගත කල හොත්

  • ආහාර පාන ,
  • නින්ද
  • සෞඛ්‍ය ,
  • අනතුරු
  • සමාජය තුළ හැසිරෙන ආකාරය
  • තම ආධ්‍යාපන කටයුතු සහ
  • ඔබගේ වෘත්තීය ස්ථාවරය
  • ආර්ථික සථාවරය

මෙම ලිපිය හුදෙක් සටන් කලාව හදාරන සිසුන්ගේ අනාගතය වෙනුවෙන් කිරීම සදහ මා විසින් මාගේ ගුරුවරුන්ගෙන්ද සාර්ථක පුද්ගලයෙක් , වෘත්තීකයන්, සටන් කලා උපදේශකයෙන් , පුහුණුවන්නෙක් ලෙස ලබාගත් අත් දැකිම් ආශ්‍රීතව සැකසුවකි .
අවසානයේ මා මෙම වැකියෙන් මාගේ සටහන අවසන් කරමි.
“A good battle plan that you act on today can be better than a perfect one tomorrow.” ~ General George S. Patton
(
ඔබ අද ක්‍රියාත්මක වන හොඳ සටන් සැලැස්මක් හෙට පරිපූර්ණ සැලැස්මට වඩා හොඳ විය හැකිය)

ස්තුති .!

තුෂාර රත්නායක
නිර්මාතෘ සහ ප්‍රධාන උපදේශක
Total Extreme Budo Academy