නිරන්තර පුහුණුව

සටන් කලාවක් හදාරන සිසුවකු හෝ උපදේශකයකු සතුව තිබිය යුතු අත්‍යවශය ගුණාංගයක් මා මෙහි සදහන් කිරීමට කැමැත්තෙමි .
මෙහි ඇති චයරුපයේ පෙනෙන පරිදි අයිස් කුට්ටියක අප දකින්නෙ ඉතා කුඩා ප්‍රමාණයකි . නමුත් එහි විශාල ප්‍රමානය මුහුදින් යටවී ඇත . මෙම යටවී ඇති ප්‍රමානය නිසා වෙන් , මෙම අයිස් කුට්ටිය ඉතා ස්ථිරව බොහෝ කාලයක් පවතී .
අප හදාරන සටන් කලවතුලද බොහොදෙන පෙනෙන දෙයනම් ශුරතාවලි ජයග්‍රහණ , ශ්‍රේණි උසස්වීමය නමුත් මේ සියල්ලන්ගෙම ගුණය සහ පැවැතම රදා පවතින්නේ නිරන්තර පුහුණුව මතය .

ශුරතාවලි ජයග්‍රහණ , ශ්‍රේණි උසස්වීම වැනිදේ ද අවශ්‍යය . එය ඔබව එම කාර්ය තුල රදවා ගැනිම සදහා අවශ්‍ය අභිප්රේරණය ලබාදේ . නමුත් ඔබ එම දේ සදහා පිණිස පමණක් සටන්කලාවට අවතීර්ණ නොවන්න . වැදගත් වන්නේ එම කාරණා දෙකම නිසි අයුරින් ක්‍රියාවේ යෙදවීමයි .
“If you think only of hitting, springing, striking, or touching the enemy, you will not be able actually to cut him.”

― Miyamoto Musashi, ‘The Book Of Five Rings’.

සටහන
Thushara Ratnayake