Karate makes you a better human being

” කරාතේ තුලින් හොද යහපත් මිනිසකු නිර්මාණය කරනු යන්නයි ” 
බොහෝවිට මට හමුවන මිතුරන් , මගේ සිසුන්ගේ දෙමාපියන් පොදුවේ මගෙන් අසන , ඔවුන් තුල ඇති මතයක් නම් ” කරාතේ තුලින් හොද යහපත් මිනිසකු නිර්මාණය කරනු යන්නයි “

“Karate makes you a better human being.”
මෙය තර්කානුකුල අදහසකි . කරාතේ පුහුණුවීම කල පමණකින් අපහට යහපත් මිනිසකු වීමට හෝ නිර්මාණය කල නොහැක .
පළමුව අප වටහා ගත යුතු දෙයක් ඇත . එනම් යහපත් මිනිසකු යන්න කුමක්ද යන්නයි.

“What’s a “good” human being?”
1. සමාජය තුල ඇති දැ පිලිබදව මනා වටහා ගැනිමක් සහ හොද , නරක දෙය පිළිබද හොද අවබෝදයක් සහිතව යම් කිසි රිති පද්දතියක් තුල ජීවත් වීම .
2. කරුණාවන්තව ජීවත් වීම
3 අවංක ලෙස ජීවත් වීම
4 බල සම්පන්නව ජීවත් වීම
5 දැඩි ආත්ම විශ්වාශයෙන් උත්සාහයෙන් ජීවත් වීම
6 සරල නිදහස් ලෙස ජීවත් වීම

මේ සියලු දෙය ඔබට කවරකු වීමට අවශ්‍යය දැයි යන්න මත රද පවතී .
මේම කරුනු දෙස බලන විට මෙය කරාටේ තුලින් ලබාගන්න යනවනම් කරාටේ ගමන් මග අපගේ පුද්ගලික ගමනක් වියයුතුය . අප විසින් මුලින්ම හදුනා ගත යුතුයි
ඇයි අප කරාතේ කරන්නේනේ
පුහුණුවීම කෙලෙසක කලයුතුද
පුහුණුවීම තුලින් අප බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න මුලින්ම තීරණය කලයුතුය

ඔබ කිනම් ලෙස කරාතේ පුහුණුවීම කලේද කරාතේ තුලින් එලෙසම ප්‍රතිපලයක් ලැබේ .
(Karate will give you EXACTLY what you put in)
එය කිසිම අඩු වැඩියක් නැතුවම ලැබේ .
ඔබ ඔබගේ හදවතට එකගව , ඔබගේ අතමය කෙස සලකා කරාටේ පුහුණු වීම කළහොත් , ඔබ යහපත් මිනිසකු වීම නිසැකය .
ඔබ කරන ඕනෑම දෙයකින් ඔබට යහපත් මිනිසකු වීමට හැක
එය රද පවතින්නේ “ඔබ කරන දෙය මත නොව , ඔබ එය කෙලෙස කරන්නේද යන්න මතය “

වරෙක සෙන්සෙයි “Yasuhiro Konishi ” මෙලෙස කියා ඇත

“Karate aims to build character, improve human behavior, and cultivate modesty; it does not, however, guarantee it.”

ඔබගේ අරමුණ අදුන ගෙන කරාතේ කරන්න , “Karate is way of life “
“මෙය මගේ අත්දැකිම් සහ පරිහරණය කල මුද්රිත සහ විද්‍යුත් ලිපි ඇසුරින් සැකසුවකි “

Thushara Ratnayake
Head Instructor
Total Extreme Budo Academy

Follow by Email
Facebook
LinkedIn