ඔබ අවට ඇති දේ භාවිතයෙන් ඔබගේ සහ ඔබගේ ආදරනියන්ගේ ජීවිතය බෙරා  ගනිමු  – “Save Your life and your loved once lives by using common objects “

 ක්‍රව් මාගා සිද්ධාන්ත , ආත්මාරක්ෂාව සදහා ඔබ අවට ඇති පොදු දේවල් භාවිතය – Krav Maga concept of using Common Objects for self defense

වර්තමානයේ ලොව තුල ඉතා සීග්‍රයෙන්  ක්‍රව් මාගා නැමැති  close-quarter combat, defensive tactics, fighting skills and unarmed Self-Defense  ක්‍රමය  ප්‍රචලිත වෙමින් පවතී . බොහමයක් සිනමා නිර්මාණ (Bourne Ultimatum  )  සහ පරිගණක game සදහාත් ක්‍රව් මාගා උපයෝගී කරගැනී , ලෝකයේ බොහමයක් රටවල USA, UK Europe, Australia, and Even India ක්‍රව් මාග ඉතා ප්‍රචලිතව පවතී . තවද කරව්  මාගා ආයුද භාවිතය සදහා වෙනම අංශයක් පිහිටුවා ඇත .

ආරම්භයදී ක්‍රව් මාගා ආයුද සමග සටන් ක්‍රම හමුදා නිලධාරීන්ට පමණක්  bayonet fighting, knife fighting වාගේ ගිනි අවි සමග සීමා වුවද Imi Lichtenfeld  ඔහුගේ වසර 20 සේවය අවසන් වන විට ඔහු බොහෝ ආත්මාරක්ෂක ක්‍රම වේද ක්‍රව් මාගා  තුල හදුන්ව දෙන ලදී , keys, pens, umbrellas, bags, chairs  වැනි  common Objects බාවිතයෙන් ආතමරක්ෂාව සලසා ගන්න අයුරු  ඔහු ඉතා දීර්ගව පහදාදෙන ලදී ,

common objects as weapons  , මෙම Common  Objects  ආත්මාරක්ෂක  සටන්කලාවට භාවිතය මුලින්ම ඉතා ප්‍රායෝගිකව පැහැදිලිව හදුන්වා දුන්නේ ක්‍රව්   මාගා  අත්මාරක්ෂක සටන් ක්‍රමය තුලය . නමුත් මා සැමවිටම කියන්නේ ක්‍රව් මැග යනු අනෙකුත් සියලු සටන් ක්‍රම වලින් පෝෂණය වූ , අප එදිනෙද ජීවිතදී මුහුණ දෙන අවස්ථා සදහා ප්‍රයෝගික විසදුම් ලබා දෙන ක්‍රම වේදයකි , වරෙක  ලෝක පූජිත සටන් ශිල්පෙයකු වූ Bruce Lee විසින් පවසන ලද කියමනක් වන “Knowing is not enough we must apply willing is not enough we must do ” ,අප ඉගෙන ගත්  දේවල් අප ප්‍රායෝගිකව පාවිච්චි කල යුතුය , අප සතු යම් දෙයක් කිරීමට ඇති කැමැත්ත පලක් නොවන්නේය අප ඒය සිදු කලයුතුය .ක්‍රව් මාගා  තුල සිදු කරන්නේ මෙම කාර්යයි .

ක්‍රව් මාගා තුල ආත්මාරක්ෂාවට  ආයුද ලෙස “common  object ” හාවිතය පහත සදහන් ආකාරයට අපට විග්‍රහ කරගත හැක .

  1. Objects similar to sticks : දඩු , පොලු වලට සමාන පොදු උපකරණ භාවිතය , සුන්වූ අතු , බිම පිරිමදින (mops) , කොසු ,බෝතල් , canes , බේස් බෝල් පිති ,බිලිඅර්ඩ්  (billiard ) ක්‍රීඩාව සදහා ගන්න පිති ,ගොල්ෆ්  සහ හොකී ක්‍රීඩාව සදහා ගන්න පිති , කුඩ , අලවංගුව (crowbars ),මිටි හෝ  මීට සමාන දේ  . මෙම උපකරණ බොහෝසේ බාවිතා වන්නේ ප්‍රතිවාදිය සමග යම් පරතරයක් ඇති විට සහ ප්‍රතිවාදිය අප තුලට පැමිනිම වැලක්වීමට හෝ ප්‍රතිව්දිය අප අසලින් ඉවතට තල්ලු කිරීමට ය .ප්‍රධාන වශයෙන් මෙම වර්ගයේ අයුදයකින් කරන්නේ එය වෙනස් ආනති වලට චලනය කර පහර දීම සහ පහර වැලක් වීම්ය .මෙය බහවිතයෙන් අපට අතකින් හෝ අත්  දෙකම භාවිතා කර ප්‍රතිවාදියා ඉවතට තල්ලු කිරීම හෝ ඔහුගේ පහර වලක්වා ගත හැක .
    මෙම වර්ගයේ අවි වලින් ප්‍රධාන වශයෙන් පහර දීම  කරන්නේ හිසට ,බෙල්ලට , උර පතු (collar bones) වලට ,solar-plexus , වැලමිට ප්‍රදේශයට (elbows), දණහිස් ප්‍රදේශය knees, වකුගඩු kidneys සහ  රහස් ප්‍රදෙශයට  (groin).
    ප්‍රතිවාදිය ( පහර දෙන්නා -assailant) , ඉදිරි අතින් පහර දෙන විට ( jab ) හෝ අනෙකුත් අත්පහරවල , පාපහරවල් වලකාගෙන , අපට ප්‍රතිවාදියාගේ මහපට ඇගිල්ල ප්‍රදේශයට , මැනික් කටුව ප්‍රදේශයට පහර දීමෙන් පහර වලක්වා ගත හැක සහ එම පහර ප්‍රතිවාදියාගේ මුහුණට   , උගුරු ප්‍රදේශයට , solar-plexus , ඉල ඇට ප්‍රදේශය පහර එල්ල කීමෙන් සාර්ථක පහර වැලැක්වීමක් සහ ප්‍රති පහර එල්ල කිරීමක් සිදු කර ගත හැක .
  2. Objects, Similar to Shield ( පලිහ ) :මෙහිදී තරමක් විශාල නමුත් ගොඩාක් විශාල නොවන දේ  භාවිතා කරයි . මෙය භාවිතයෙන් ප්‍රතිවාදියාගේ පහර අවශෝෂණය කිරීමක් හෝ පහර වැලේක්වීමක් සිදු කරනු ලබයි . මෙම කාණ්ඩය යටතේ අපට ඇදුම් මලු ( suitcases), පුටු chairs, කොට්ට (pads), විශාල කවරයක් ඇති පොත් (big books), පුවරු (boards), පෙට්ටි (boxes), කුණු බක්කි වල පියන් (trash can covers ) පහර දීමට සහ පහර වැලැක්වීමට උපයෝගී කරගත් හැක. 
    බාහුව වටා රෙදි පටලවා ගෙනද මේවැනි shield  එකක් ලෙස භාවිතා කර හැක . පලිහ දරා සිටින අත පලිහ පිටුපසින් තබා ගැනිම වැදගත්ය. තවද පලිහ සහ අප ශරීරය අතර පරතරයක් තබා ගැනිම වැදගත්ය.  මෙහිදී ප්‍රතිවාදියාගේ පහර වැලේක්වීම සිදු කරන අතර අප විසින් මෙයින් පහර දීම සිදු කිරීම එතරම්ම සිදු නොවේ .තවද මෙම shield එකකින් ප්‍රතිවාදියාගේ පහර වලක්වා ප්‍රති පහරක් එල්ල කිරීම ඉතා සුදුසු වේ . මෙහිදී පා පහරක් භාවිතය සිදු කිරීම ඉතා යෝග්‍ය වේ .
    උදාහරණයක් ලෙස , කාන්තාවකට එල්ල වන පිහි පරහරක් එම අවස්ථාවේදී ඇය අත්  බෑගයක් පැලද සිටින්නේනම් බැගය පලිහ (shield  )ලෙස භාවිතා කර ඔහුගේ රහස්‍ය ( groin ) පා පහරක් එල්ල කිරීමද හෝ දන හිස්  ප්‍රදේශයට පා පහරක් එල්ල කිරීම ඉතා  උචිත වේ ,
  3. Objects, Similar to Knife පිහියකට සමානකම් ඇති උපකරණ භාවිතය : මෙම කාණ්ඩය යටතේ අපට ඕනෙම උපකරණයක් යම්කිසි ඇනිමක් සිදු කර හැකි , කැපිමක් සිදුකලැහැකි දේ භාවිතා කෙරේ ,.
    උදහරන ලෙස පිහි ( knives ) , කතුරු ( scissors), ඉස්කුරුප්පු නියන (screwdrivers), කැඩි ගිය බෝතල්( broken bottles) සහ  විදුරු කැබලි (  glass splinters) ,කපන කටු , නියන්  (chisels), පෑන (pens) , පැන්සල් ( pencils), razors,  ගෑරුප්පු  forks .මෙම අයුද භාවිතයෙදී  medium distance මද්යස්ත දුර පරතරයක් තබා ගත යුතුය . medium distance යනු අප අත දික් කල පසු පරතරයයි , මෙය භාවිතයෙන් අප පහර දිය යුත්තේ ප්‍රතිවාදියාගේ දුර්වල ස්ථානවලටයි . අතේ ,මැනික් කටුව (wrist )මුහුණ , බෙල්ල වැනි ඇදුම වලින් ආවරණය නොවූ ස්ථානවලට . මෙවන්  පිහියකට සමාන ආයුද බාවිතයෙන් කරන පොදු පහර දීම්නම් straight stab, ice-pick/downwards stab, upward/underhand and slash . තවද අප කාලි , Arnis  , එස්ක්‍රීමා , වැනි පිහි භාවිතය වන සටන් කලාවක් පුහුණු වී ඇති නම් ඔබට ඔබගේ අභිමතය පරිදි පහර දීම කල හැක .මේ  සියලු ශිල්පීය ක්‍රම බොහෝ අවස්තාවල ප්‍රතිවාදියාට මර  කැදවන පහර දීම් බැවින් , ක්‍රව් මාගා හදාරන සිසුනට මොන අවස්ථාවේ , කිනම් අයුරකින් මෙම ශිල්පීය ක්‍රම බහවිත කරන්නේද යන්න පුහුණු කිරීම සිදු කරයි .
  4. Objects, Similar to Rock/Stone ගල් කැබලි වැනි දේ භාවිතය .  : පුරවපු බෝතල් , billiard balls, ජංගම දුරකථන phones, අළු බදුන් ash-trays, කුඩා පිලිම small statues, විශාල පොත් big books, බීර විදුරු beer glasses වැනි දේ මම කාණ්ඩයට වැටේ . මෙම ගනයේ ආයුද අපට දෙආකාරයකින් ප්‍රයෝජනයට ගත හැක . පළමු අවස්තාවනම් අප ප්‍රතිවාදියා යම් දුරක සිටින විටදී මෙවන් දේවල්වලින් ඔහුගේ මුහුණට , පපු ප්‍රදේශයට එල්ල කර අප ලගට එන අවස්ථා ඇහිරිය හැක . තවද ප්‍රතිවාදියා අතර පරතරය අඩු අවස්තාවක මෙම උපකරණ අපට පහර දීමට භාවිතා කර හැක . ප්‍රතිවාදියාගේ හිසට හෝ දුර්වල ස්ථානයකට පහර දීම සිදු කර හැක . මෙහිදී අප ඇගිලි පහරදෙන උපකරණය සහ ප්‍රතිවාදියා තර හිරනොවිමට වග බලා ගත යුතුය ,ප්‍රතිවාදියා අත් පහරක්‌  හෝ පාපහරක් එල්ල කරන විටදී මෙම උපකරණ වලින් පහර දීම සිදු කල හැක .
  5. Small Objects ( කුඩා උපකරණ ) : මෙම කාණ්ඩය යටතේ බාවිතා කරන උපකරන වලින් ප්‍රතිවාදියාගේ අවධානය බිද හෙලීම වැනි දේ කල හැක . මෙහිදී අප යතුරු keys, කාසි coins, අත් ඔරලෝසු wristwatch, සිගරට් පත්තු කිරීමට ගන්න උපකරණ cigarette-lighter හෝ  ආහාර ( food)  වැනි දේවල් භාවිතා කරයි  .මෙම දේවල් ප්‍රතිවාදියාගේ මුහුණට දමා ගැසිම මගින් ඔහුගේ හෝ ඇගේ අවධානය අපට මදකට වෙනස් කර ගත හැක . මුහුණට ආලෝකයක් එල්ල කිරීම ( flashlight ) මගින් ප්‍රතිවාදියා කුඩා වෙලාවකට පෙනීම අඩපන කිරීමට පුලුවන  . තවද  වැලි හෝ කුණු ද්‍රවය මුහුණට අතින් හෝ පාදයෙන් විසි කර හැක . ප්‍රතිවාදියාගේ ඇස්  වලට පහර දීමක් සිදු කරන්නේනම් අපට වතුර , උණුවතුර , මද්‍යසාර  වැනි දේ මුහුණට දමා ගැසිමෙන් හෝ සුවද විලවුන් , හිසට දමන hair varnish ඇස වලට ස්ප්‍රේ  කිරීමෙන්  ප්‍රතිවාදියා මදකට අඩපන කර , අවදානය අඩු කර ප්‍රති පහරක් එල්ල කර එතනින් පලා  යමට හැක .
  6. Objects, Similar to a Rope ( කබය , නුල් වැනි දේ ) :මෙම කාණ්ඩයේ උපකරණ වලින් ප්‍රතිවාදියා බැද තෙබිම , ගෙල සිර කිරීමට වැනි දේ කිරීමට පුළුවන . chains සහ bicycle chains, belts, rubber hoses, dog’s leashes , metal ropes, electric wires and cables, whips, ropes, straps වැනි දේ මම ගණයට අයත් වේ .මෙම දේවලින් කසයක් ලෙස පහර දීම  සිදු කර හැක . දණ්ඩක් ලෙසද සමහර විට භාවිතා කර හැක . පහර දීම හිසට , බෙල්ලට , දණහිස් , ඉල ඇට , උර පතු වලට පහර දීම සිදු කර හැක .,Wires හෝ  leather belts බොහෝ විට මුහුණට හෝ ඇදුම් වලින් ආවරණය වී  නොමැති ස්ථානවලට පහර දීමට භාවිත කරයි , මෙම පහර දීම් වලින් ප්‍රතිවාදියා සම්පූරණයෙන් අඩපන කිරීමට නොහැකි වුවද , ඔහුගේ හෝ ඇය ගේ අවදානය බිද දමා ප්‍රති පහර එල්ල කර හැක . සහ එම අවසරයෙන් එම ස්ථානයෙන් අර්ර්ක්ෂිත ස්ථානයකට පල යා හැක ., තවද මෘදු උපකරණ , තුවා , ටි ෂර්ට් වැනි දේ භාවිතයෙන් ඇස් වලට  පහර දී පලා යා හැක . තවද ඔබට ඉතා දරුණු ගෙල හිර කිරීමේ උපක්‍රමද භාවිතා කර හැක . නමුත් මේ සදහා ඔබට යම් ක්‍රමානුකුල පුහුණුවක් අවශ්‍ය වේ , නමුත් මා ඉහත කී දේ භාවිතා කිරීම අදුනිකයකුට වුවද කල හැක .

තවද අපට එක එල්ලේ නොපෙනුනද ගින්දර , අප පදවන වාහන , විදුලි බලයද අපට ආතමරක්ෂක අවියක් ලෙස භාවිතා කර හැක . තවද සමහරක් අවි ඉහත කී කාණ්ඩ කීපයක එකතුවක් ලෙසද ඈත . උදාහරණයක් ලෙස මිටිය , දණ්ඩක් සහ යකඩ කොටසක් එක්ව සාදා ඇත . පොරව , දණ්ඩක් සහ පිහියක් එකතුවක් ලෙස ගත හැක . අප මේ සියලු දෙය පිලිබදව අවබෝදයක් සහ ඉතා අල්ප වුවද පුහුණුවක් ඇත්නම් එය ඉතා වෙදගත්වේ   .

ඔබ ඔබගේ පුහුණු පාසැල තුල හෝ ඔබගේ නිවාස තුල ආත්මාරක්ෂක සටන් පුහුණු වනවිට ඔබ ඉහත කි  පොදු උපකරණ භාවිතා කිරීමට උනන්දු වන්න , මුලින්ම නිරායුද සටන් ද , දෙවනුව ආයුද සමග කරන සටන් ද සිදු කරන්න , ඔබ අවට ඇති  සියලුම දේ ඔබගේ ආරක්ෂාව සදහා භාවිතා කරන්න , එයට හුරු වන්න ,

තවද ඔබ මෙම දේවල් භාවිතයේදී පහත සදහන් කරුණු ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න

1.Use strong against weak (සැමවිටම ඔබගේ ශක්තිමත් දෙයක් සමග ප්‍රතිවාදියාගේ දුර්වල දෙයක් යොදා ගන්න  ) උදහරණයක් ලෙස ඔබ ගල් ඉන්නක් භාවිතා කරනවානම් ඔබට ප්‍රතිවාදියාගේ කොතැනකට පහර දෙනවද යන්න  ඉතා ගැබුරින් සිතීමට අවශ්‍ය නොවේ .  එයින්  කුමන ස්ථානයකට පහර දුන්නද බලපැම දරුණු වේ.
නමුත් ඔබ  ,,යතුරක් පැනක වැනි දෙයක් පාවිච්චි කරනවානම් ඔබ පහර දෙන ස්ථානය ගැන සැලකිලිමත් විය යුතුය . ඔබ එම අවස්ථාවල ප්‍රතිවාදියාගේ දුර්වල ස්ත්නවලට , ඇදුම් වලින් ආවරණය නොවූ ස්ථානවලට පහර දීම සිදු කිරීම සිදුකළ යුතුය .

2. Strike in 5 main directions : බොහෝ විට සියලුම පහර දීම් සහ පහර වැලක් වීම පහත සදහන් ආනති වලට සිදුකිම වැදගත්ය.
upward උඩු අතට , downward පහලට , to the left වම්පසට , to the right දකුණු පසට straight strike එක එල්ලේ ඉදිරියට සිදු කරන පහර දීම් .

3.It’s possible to leave or change a weapon , අවස්තාව ආ විට ඔබට අවිය විසිකිරීම හෝ ඇත හැරීම සිදු කර හැක . සමහර අවස්තාවල ඔබට සටන් පුරාම ඔබගේ අවිය ඇත දරා  ගෙන සිටීම අවශ්‍ය නොවේ . සමහර විට ඔබට ඔබගේ පහර දීම් අඩු කිරීම හෝ සිමා කිරීමට හෝ යම් කිසි දෙයක් අල්ල ගැනීමට අවශ්‍ය වුනු විට ඔබට ඔබගේ අවිය ඉවත් කිරීමට සිදු වේ .

4.Use not only weapons, but also arms and legs : සමහර අවස්ථාවල ඔබ අවියක්  අත දරා සිටින විට ඔබට ඔබගේ  අත්  පා පාවිච්චි කිරීම අමතක වේ . ඔබට ඔබගේ අත් දෙක . පාද හිස අවශ්‍ය විටදී පාවිච්චි කර හැක . ඔබට ඔබගේ අවිය භාවිතයෙන් ප්‍රතිවාදියාගේ පහර ආවරණය කර ප්‍රතිපාහර ඔබගේ අත්  පා හෝ හිස බාවිතයෙන් සිදු කර හැක .

5.Use short moves ; බෝහෝ විට ප්‍රතිවාදියාට ඉගියක් නොදෙන ලෙස  ඔබගේ අවිය පාවිච්චි කිරීමට පුරුදු වන්න , කෙටි පරාසයක් තුල එය පාවිච්චි කරන්න ,

මෙම සියලු දෙයම හොදින් ග්‍රහණය කර ඔබගේ ආත්මාරක්ශාක  සටන් ක්‍රමයට common  Object  භාවිතය ගැන යම් හොද දෙයක් ලබා ගත්තා  කියා මා සිතමි

මෙම ලිපියේ අඩංගු කරුණු සියල්ලම මාගේ අදහස් පමණක් නොවන බවත්  අන්තර්ජාලය භවිතයෙන් සහ පොත් පත් ඇසුරින් ලබා ගත දැනුම තුලින් මෙය සකසන ලදී

Be ALERT | Be AWARE | Be PREPARED 

සටහන

තුෂාර රත්නායක

Head Instructor

Total Extreme Budo Academy
KARATE | KRAV MAGA | BRAZILIAN JIU-JITSU | MUAY THAI